ගීතාවලිය 150

ස්වාමීන්ට ප්‍රශංසාකරව්. දෙවියන්වහන්සේගේ ශුද්ධස්ථානයෙහිදී උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ බල පවත්නා අහස් තලයෙහි උන්වහන්සේට ප්‍රශංසාකරව්.
2 උන්වහන්සේගේ බලවත් ක්‍රියා නිසා උන්වහන්සේට ප්‍රශංසාකරව්. උන්වහන්සේගේ මහෝත්තමභාවය පරිද්දෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.
3 හොරණෑ ශබ්දයෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. කුඩා වීණාව හා මහා වීණාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.
4 රබානෙන් හා නැටීමෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්. වීණා තතින් හා නළාවෙන් උන්වහන්සේට ප්‍රශංසාකරව්.
5 මහත් ශබ්ද දෙන අත්වලින් උන්වහන්සේට ප්‍රශංසාකරව්. උස් රැව්දෙන අත්තලින් උන්වහන්සේට ප්‍රශංසාකරව්.
6 හුස්ම ඇති සියල්ලෝම ස්වාමීන්ට ප්‍රශංසාකෙරෙත්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.