ගීතාවලිය 113

ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසාකරව්, ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාකරව්.
2 මෙතැන් පටන් සදාකල් ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසාවේවා;
3 නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා කටයුතුය.
4 ස්වාමීන්වහන්සේ සියලු ජාතීන්ට උසස්ව සිටිනසේක, උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට වඩා උසස්ය.
5 උසස් තැන්හි වැඩ හිඳින්නාවූ, ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ
6 බලන්ට තමන්ම යටත්වන්නාවූ අපේ දෙවිවූ ස්වාමීන්ට සමාන කවුද?
7 අධිපතීන් සමඟ, එනම්, ස්වකීය සෙනඟගේ අධිපතීන් සමඟ, හිඳුවන පිණිස
8 උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවනසේක, දිළිඳා කසල ගොඩින් ඔසවනසේක.
9 උන්වහන්සේ වඳ ස්ත්‍රීය දරුවන් ඇති ගෙය රක්නාවූ ප්‍රීතිමත් මවෙක් කරවනසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.