ගීතාවලිය 128

ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවන්නාවූ, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නාවූ සියල්ලෝම භාග්‍යවන්තයෝය.
2 මක්නිසාද ඔබ ඔබේ අත් වැඩේ ඵල කන්නෙහිය. ඔබ වාසනාවන්තවන්නෙහිය, ඔබට ශුභ සිද්ධවන්නේය.
3 ඔබේ භාර්යාව ඔබේ ගෙය ඇතුළෙහි ඵලදෙන මිදිවැලක් මෙන් වන්නීය. ඔබේ දරුවෝ ඔබේ මේසේ අවට ඔලීව පැළ මෙන් වන්නෝය.
4 බලව, ස්වාමීන් කෙරෙහි භයවන තැනැත්තේ මෙසේ ආශීර්වාදකරනසේක.
5 ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ඔබට ආශීර්වාදකරනසේක. ඔබේ ජීවිතයේ සියලු දවස්වල යෙරුසලමේ යහපත දක්නෙහිය.
6 එසේය, ඔබේ දරුවන්ගේ දරුවන් දක්නෙහිය. ඉශ්‍රායෙල්ට සමාදානය වේවා.