ගීතාවලිය 129

ඉශ්‍රායෙල් දැන් මෙසේ කියත්වා: මාගේ තරුණ වයසේ පටන් ඔව්හු බොහෝ වර මට පීඩාකළෝය.
2 මාගේ තරුණ වයසේ පටන් ඔව්හු බොහෝ වර මට පීඩාකළෝය. එහෙත් මාගෙන් ජය නොගත්තෝය.
3 හී හාන්නෝ මාගේ පිටෙහි හෑවෝය; තමුන්ගේ හීවිටි දීර්ඝකොට හෑරූය.
4 ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨය. උන්වහන්සේ දුෂ්ටයන්ගේ බැමි කපාහැරියසේක.
5 සියොන්ට ද්වේෂකරන සියල්ලෝ ලජ්ජාවී ආපසු හරවනු ලබත්වා.
6 වැඩෙන්ට පළමුවෙන් වියළීයන්නාවූ වහල පිට තෘණ මෙන් වෙත්වා.
7 කපන්නා එයින් තමාගේ මිටවත් මිටි බඳින්නා තමාගේ තුරුල්ලවත් නොපුරවයි.
8 මගයන්නෝද: ස්වාමීන්ගේ ආශීර්වාදය ඔබ සැමට වේවා; ස්වාමීන්ගේ නාමයෙන් ඔබ සැමට ආශීර්වාදකරමුයයි නොකියති.