ගීතාවලිය 87

උන්වහන්සේගේ [නුවර] අත්තිවාරම ශුද්ධ කඳුවලය.
2 ස්වාමීන්වහන්සේ යාකොබ්ගේ වාසස්ථාන සියල්ලට වඩා සියොන් දොරටුවලට ප්‍රේමවනසේක.
3 එම්බා දෙවියන්වහන්සේගේ නුවර, ඔබ ගැන කීර්තිමත් දේ කියා තිබේ.
4 මා අඳුනන්නන් අතරෙහි මෙන් රාහබ් සහ බබිලෝනිය ගැන සඳහන්කරන්නෙමි. පිලිස්තියා සහ තීර්ද කූෂ් රටද බලව; මේ තෙමේ එහි උපන්නේය.
5 එසේය, සියොන් ගැන: ඔහුද මොහුද ඈ තුළ උපන්නේයයි කියනු ලබන්නේය; මහෝත්තමයාණෝම ඈ ස්ථිර කරනසේක.
6 ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන්ගේ නම් ලියන කල: මේ තෙමේ එහි උපන්නේයයි ගණන්ගන්නාසේක.
7 ගී කියන්නෝද නටන්නෝද: මාගේ උල්පත් සියල්ල ඔබ තුළෙහියයි කියන්නෝය.