ගීතාවලිය 52

එම්බා බලවන්තය, ඔබ නපුරු ක්‍රියායෙහි කුමට පාරට්ටුකරගන්නෙහිද? දෙවියන්වහන්සේගේ කරුණාව නිතරම පවත්නේය.
2 ඔබේ දිව තියුණු දැළි පිහියකට සමානව රැවටිලිකරමින්, දුෂ්ටකමම යෝජනාකරයි.
3 ඔබ යහපතට වඩා නපුරටත් ධර්මිෂ්ඨකම කථාකිරීමට වඩා බොරු කීමටත් ප්‍රිය ඇත්තෙහිය.
4 එම්බා කපටි දිව, ඔබ සියලු ආකාර නාස්තික වචනවලට ප්‍රිය ඇත්තෙහිය.
5 දෙවියන්වහන්සේ ඔබ සදාකාලේටම බිඳ දමනසේක, උන්වහන්සේ ඔබ අල්වා ඔබ සැමගේ කූඩාරමෙන් ඇද දමනසේක, ජීවතුන්ගේ දේශයෙන් ඔබ උදුරා දමනසේක.
6 ධර්මිෂ්ඨයෝ ඒ දැක භයවී, ඔහුට සිනාසෙමින්:
7 බලව, දෙවියන්වහන්සේ තමාගේ ශක්තිය 52:7 නොහොත්, ආරක්ෂා ස්ථානය. කොට නොගත්තාවූ, තමාගේ බොහෝ වස්තු කෙරේ විශ්වාසය තැබුවාවූ, තමාගේ දුෂ්ටකමෙහි බලවත්වූ මනුෂ්‍යයා මේයයි කියන්නෝය.
8 මම වනාහි දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සරු ඔලීව ගහක් වැන්නෙමි. දෙවියන්වහන්සේගේ කරුණාව කෙරෙහි සදාකාලයටම විශ්වාසය තබමි.
9 ඔබ එසේ කළ නිසා සදාකල් ඔබට ස්තුතිකරන්නෙමි. තවද ඔබගේ ශුද්ධවන්තයන් ඉදිරියෙහිදී ඔබගේ නාමය කෙරෙහි බලා සිටින්නෙමි, මක්නිසාද ඒ යහපත්ය.