යෙරමියා
පරිච්ඡේදය 47
ඵාරාවෝ ගාසාට පහරදෙන්ට පළමුවෙන් පිලිස්තිවරුන් ගැන අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.
2 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, වතුරු උතුරෙන් ගලා ඇවිත්, උතුරා යන ගඟක් වී, දේශය සහ එහි පූර්ණකමද නුවර සහ එහි වැසියන්ද උඩින් ගලායන්නේය. මනුෂ්‍යයෝද කෑගසන්නෝය. දේශයේ සියලු වැසියෝ කෑමොරගසන්නෝය.
3 ඔහුගේ බලවතුන්ගේ කුර ගැසීමේ ශබ්දයටත් ඔහුගේ රථවල ඝෝෂාවටත් ඔහුගේ චක්‍රවල ගිගිරීමටත් තමුන්ගේ අත් හෙළා වැටෙන බැවින් පියවරු දරුවන් දෙසට නොහැරෙන්නෝය.
4 මෙසේ වෙන්නේ ඉතිරිවූ සියලු උපකාරකාරයන් තීර් සහ සීදොන් කෙරෙන් සිඳදමන පිණිස සියලු පිලිස්තිවරුන් නාස්තිකිරීමට පැමිණෙන දවස නිසාය. මක්නිසාද කප්තෝර් ද්වීපයෙන් ඉතිරිව සිටින්නන් වන පිලිස්තිවරුන් ස්වාමීන්වහන්සේ නාස්තිකරනසේක.
5 ගාසාට මුඩුකම පැමිණියේය; අෂ්කෙලෝන් සහ ඔවුන්ගේ මිටියාවතෙන් ඉතිරි පංගුව නාස්තිවිය. නුඹ කොපමණ කල් ශරීරය කපාගන්නෙහිද?
6 එම්බා ස්වාමීන්වහන්සේගේ කඩුව, නුඹ කොපමණ කල් නිශ්චල නොවී සිටින්නෙහිද? නුඹේ කොපුවට ඇතුල් වී නැවතී නිකම් හිඳින්න.
7 නුඹ කෙසේ නිශ්චලවන්නෙහිද? මක්නිසාද ස්වාමීන්වහන්සේ අෂ්කෙලෝන්ටත් මුහුදුබඩටත් විරුද්ධව ඊට ආඥාවක් දී, එතනට ඒක පත්කළසේක.