එළිදරව්ව

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22


පරිච්ඡේදය 15

ස්වර්ගයෙහි මහත්වූ විස්මපත්වූ තවත් පුදුමයක් දුටිමි. එනම් දේවදූතයන් සත්දෙනෙක් පීඩා සතක් රැගෙන සිටියෝය, එයින් දෙවියන්වහන්සේගේ උදහස කෙළවරවන බැවින් ඒවා අන්තිම පීඩාය.
2 ගින්නෙන් මිශ්‍රවූ වීදුරු සාගරයක් වැනි දෙයක් සහ මෘගයාගෙනුත් උගේ රූපෙයනුත් උගේ නමේ ගණෙනනුත් ජයගෙන එන්නන් දෙවියන්වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ළඟ සිටිනවාත් මම දුටිමි.
3 ඔව්හු දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ගීතිකාවද බැටළුපැටවාණන්ගේ ගීතිකාවද ගායනාකරමින්: සර්ව පරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය; ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය.
4 ස්වාමිනි, ඔබගේ නාමයට භය නොවන්නෙක් ගෞරව නොකරන්නෙක් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය; එබැවින් සියලු ජාතීන් පැමිණ ඔබ ඉදිරියෙහි නමස්කාරකරනවා ඇත; මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශකරනලද්දේයයි කීවෝය.
5 ඉන්පසු ස්වර්ගයෙහි තිබෙන සාක්ෂි මණ්ඩපයේ දේවමාළිගාව ඇරී තිබෙන බව දුටිමි.
6 එවිට පීඩා සත ඇතුව සිටියාවූ දේවදූතයන් සත්දෙනා පවිත්‍රවූ දීප්තිමත්වූ වස්ත්‍ර පැළඳ, රන් පටිවලින් තමුන්ගේ ළය බැඳගෙන, දේවමාළිගාවෙන් පිටත්ව ආවෝය.
7 ජීවමාන සත්වයන් සතරදෙනාගෙන් එක්කෙනෙක් සදාකාලේටම ජීවත්වන්නාවූ දෙවියන්වහන්සේගේ උදහසින් පූර්ණවූ රන් පාත්‍රා සතක් දේවදූතන් සත්දෙනාට දුන්නේය.
8 දෙවියන්වහන්සේගේ තේජස සහ බලයෙන් නිකුත්වූ ධූමයෙන් දේවමාළිගාව පිරුණේය; දේවදූතයන් සත්දෙනාගේ පීඩා සත කෙළවරවනතුරු දේවමාළිගාවට ඇතුල්වෙන්ට කිසිවෙකුට නුපුළුවන්විය.