සෙකරියා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14


පරිච්ඡේදය 5

නැවත මම මාගේ ඇස් ඔසවා බැලීමි, එවිට අකුළන පොතක් ඉගිලයනවා දුටිමි.
2 නුඹට පෙනෙන්නේ කුමක්දැයි ඔහු මාගෙන් ඇසුවේය. මමද: අකුළන පොතක් ඉගිලයනවා මට පෙනෙයි; එහි දිග රියන් විස්සක්ය, පළල රියන් දසයක්යයි කිමි.
3 එවිට ඔහු මට කථාකොට: මේක දේශය මුළුල්ලෙහි පිටත්ව යන ශාපයය. මක්නිසාද එහි මේ පැත්තේ ලියා තිබෙන හැටියට, සොරකම්කරන සියල්ලෝ පහකරනු ලබන්නෝය; එහි අනිත් පැත්තේ ලියා තිබෙන හැටියට බොරුවට දිවුරන සියල්ලෝද පහකරනු ලබන්නෝයයි කීය.
4 ඒක සොරාගේ ගෙටත් මාගේ නාමයෙන් බොරුවට දිවුරන අයගේ ගෙටත් වැද, ඔහුගේ ගෙය තුළ නැවතී, එහි දඬුත් ගලුත් ඇතුළුව නැතිකරන පිණිස පිටත්කර හරින්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
5 එවිට මා සමඟ කථාකළ දූතයා පිටතට ඇවිත් මට කථාකොට: මේ පිටතට එන්නේ මොකද කියා නුඹේ ඇස් ඔසවා බලන්නැයි කීවේය.
6 ඒක මොකක්දැයි ඇසීමි. එය නම් පිටතට එන ඒවාවයයි ඔහු කීවේය. තවද මුළු දේශයෙහි ඔවුන්ගේ පෙනීම මේ ආකාරයයි කීවේය.
7 (බලව, ඊයම් තෙලන්තයක් උස්සනු ලැබුවේය.) එක් ස්ත්‍රියක් ඒඵාව තුළ ඉඳගන උන්නාය.
8 ඔහු: මෑ නම් දුෂ්ටකමයයි කියා. ඇය ඒඵාව ඇතුළට හෙළා, එහි කටට ඊයම් බර තැබුවේය.
9 එවිට මම මාගේ ඇස් ඔසවා බලා, ස්ත්‍රීන් දෙදෙනෙක් එනවා දුටිමි, ඔවුන්ගේ පියාපත්වල හුළඟ තිබුණේය; කනකොකාගේ පියාපත් වැනි පියාපත් ඔවුන්ට තිබුණේය. ඔව්හු අහසටත් පොළොවටත් අතරේ ඒඵාව උස්සාගෙන ගියෝය.
10 එවිට මම: ඒඵාව ඔවුන් කොතනට ගෙනයනවාදැයි මා සමඟ කථාකළ දූතයාගෙන් ඇසීමි.
11 ෂීනාර් දේශයේ ඈට ගෙයක් ගොඩනගන්ටය. ඒක පිහිටෙවු කල්හි ඈ එහි ඇගේම ඉඩමෙහි සිටුවනු ලබන්නීයයි ඔහු මට කීය.