හොෂෙයා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14


පරිච්ඡේදය 3

තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඉශ්‍රායෙල් පුත්‍රයන් අන් දෙවිවරුන් වෙතට හැරී [ඔවුන්ට පිළිගන්වන] මුද්‍රිකඵල කැටිවලට ඇලුම්වෙන නුමුත් ස්වාමීන්වහන්සේ ඔවුන්ට ප්‍රේමකරන්නාක්මෙන්ම නුඹ නැවත ගොස්, මිත්‍රයෙකුගේ ප්‍රේමවන්තියක් වී කාමමිථ්‍යාචාරිණියක්ව සිටින ස්ත්‍රියෙකුට ප්‍රේමවෙන්නැයි කීසේක.
2 මමද රිදී පහළොහකටත් යව හෝමෙර් එකහමාරකටත් ඈ මිලයට ගෙන:
3 නුඹ වේශ්‍යාකම් නොකර, පුරුෂයෙකුට නොබැඳී, බොහෝ දවස් මා ගැන බලාසිටින්න. මමත් නුඹ ගැන එසේම බලාසිටින්නෙමියි ඈට කීවෙමි.
4 මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝ දවස් රජෙක්වත් අධිපතියෙක්වත් පූජාවක්වත් රූපස්තම්භයක්වත් පූජක සැට්ටයක්වත් තෙරඵීම් රූපවත් නැතුව සිටින්නෝය.
5 පසුව ඉශ්‍රායෙල් පුත්‍රයෝ හැරී තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද තමුන්ගේ රජවූ දාවිත්ද සොයා, මතු දවස්වලදී භයින් යුක්තව ස්වාමීන්වහන්සේ වෙතටත් උන්වහන්සේගේ යහපත්කමටත් පැමිණෙන්නෝය.