යක්ෂයාට විරුද්ධව සිටිමු


  • එවිට බස්නාහිර සිට ස්වාමීන්වහන්සේගේ නාමයටත් නැගෙනහිර සිට උන්වහන්සේගේ තේජසටත් මනුෂ්‍යයෝ භයවන්නෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හුස්මෙන් පිඹහරින්නාවූ, හිර වෙවී ගලන්නාවූ ජලධාරාවක් මෙන් උන්වහන්සේ එනසේක,
    යෙසායා 59:19
  • තවද උන්වහන්සේ තමන් ගෝලයන් දොළොස්දෙනා තමන් ළඟට කැඳවා, අශුද්ධාත්මයන් දුරු කරන්ට ඔවුන් කෙරෙහිද සියලු ආකාර ලෙඩ සහ සියලු ආකාර රෝග සුවකිරීමටද ඔවුන්ට බලය දුන්සේක.
    ශු. මතෙව් 10:1
  • ස්වර්ගරාජ්‍යයේ යතුරු නුඹට දෙන්නෙමි. නුඹ පොළොවෙහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගයෙහිදී බඳිනු ලබන්නේය. නුඹ පොළොවෙහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ගයෙහිදී මුදනු ලබන්නේයයි ඔහුට කීසේක.
    ශු. මතෙව් 16:19
  • නුමුත් උන්වහන්සේ හැරී, තමන් ගෝලයන් දැක, පේතෘස්ට සැරකරමින්: සාතන් මා පස්සට යව. මක්නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණ මිස දෙවියන්වහන්සේගේ කාරණ කල්පනාවට ගන්නේ නැතැයි කීසේක.
    ශු. මාර්ක් 8:33
  • එකල උන්වහන්සේ දොළොස්දෙනා කැඳවා සියලු යක්ෂයන් කෙරෙහිද රෝග සුවකරන්ටද බලය සහ වරය ඔවුන්ට දී,
    ශු. ලූක් 9:1
  • ඉන්පසු සැත්තෑදෙනා ප්‍රීතියෙන් හැරී ඇවිත්: ස්වාමිනි, ඔබගේ නාමය නිසා යක්ෂයෝ පවා අපට යටත්වෙතියි කීවෝය.
    ශු. ලූක් 10:17
  • බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් නුඹලාට බලය දී තිබේ. කොයි දෙයකින්වත් නුඹලාට අන්තරායක් නොවන්නේය.
    ශු. ලූක් 10:19
  • (මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.) අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව.
    2 කොරින්ති 10:4,5
  • යක්ෂයාට ඉඩ නොදෙන්න.
    එපීස 4:27
  • ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත්වෙන්න. යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන්වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගන්න.
    එපීස 6:10, 11
  • සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය. ලෝකයෙහි සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම පැමිණෙන බව දැන, නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට, යක්ෂයාට විරුද්ධව සිටින්න.
    1 පේතෘස් 5:8,9
  • පව්කරන තැනැත්තේ යක්ෂයාගෙන්ය; මක්නිසාද යක්ෂයා පටන්ගැන්මේ සිට පව්කරන්නේය. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශකරනු ලැබුවේ මේ පිණිසය, එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශකරන පිණිසය.
    1 ශු. යොහන් 3:8
  • මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.
    1 ශු. යොහන් 4:4