ආඩම්බරයෙනි


  • ඔපමණ උඩඟු ලෙස තවත් කථා නොකරන්න; අහංකාරය ඔබ සැමගේ මුඛවලින් නොනික්මේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියල්ල දන්නා දෙවිකෙනෙක්ය, උන්වහන්සේ ක්‍රියාවල් කිරා බලනසේක.
    1 සාමුවෙල් 2:3
  • ඉශ්‍රායෙල් රජ උත්තරදෙමින්: යුද්ධායුධ ගළවා දමන්නා මෙන් ඒවා පැළඳගන්නා ගරුකම් නොකියාවයි ඔහුට කියන්නැයි කීවේය.
    1 රාජාවලිය 20:11
  • උඩඟුකම පැමිණෙන කල ලජ්ජාවත් පැමිණෙයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව තිබේ.
    හිතෝපදේශ 11:2
  • උඩඟුකමෙන් තරඟය අටගන්නවා පමණක්ය; එහෙත් දැනමුතුකම පිළිගන්නන් වෙත ප්‍රඥාව තිබේ.
    හිතෝපදේශ 13:10
  • ස්වාමීන්වහන්සේ උඩඟු අයගේ ගෙය උදුරාදමනසේක; එහෙත් වැන්දඹුවගේ සීමාව උන්වහන්සේ ස්ථිරකරනසේක.
    හිතෝපදේශ 15:25
  • උඩඟු සිත් ඇති කවුරු නුමුත් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; අතට* අත එකතුවුණත් ඔහු දඬුවම් නොලැබ නොසිටින්නේය. (* නොහොත්, ඒකාන්තයෙන්ම)
    හිතෝපදේශ 16:5
  • විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.
    හිතෝපදේශ 16:18
  • මනුෂ්‍යයාට හරිව පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවර නම් මරණයේ මාර්ගය.
    හිතෝපදේශ 16:25
  • විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.
    හිතෝපදේශ 18:12
  • යටත්කමේද ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමේද විපාකය නම් වස්තුවත් ගෞරවයත් ජීවිතයත්ය.
    හිතෝපදේශ 22:4
  • මනුෂ්‍යයෙකුගේ උඩඟුකම ඔහු පහත හෙළයි; එහෙත් සිතින් පහත්ව සිටින්නා ගෞරව ලබයි.
    හිතෝපදේශ 29:23
  • මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය, එසේ මේ සියල්ල සිදුවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් යටහත්වූ, තැළුණු ආත්මයක් ඇත්තාවූ, මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි.
    යෙසායා 66:2
  • මක්නිසාද තමුන්ම උසස්කරගන්න හැමදෙනාම පහත්කරනු ලබන්නෝය; තමාම යටත්කරගන්නා උසස්කරනු ලබන්නේයයි කීසේක.
    ශු. ලූක් 14:11
  • එහෙයින් තමා කෙලින් සිටින්නේයයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා.
    1 කොරින්ති 10:12
  • නුමුත් ආත්මයාණන්වහන්සේගේ ඵල නම්-ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම, මෘදුකම, පමණ දැන ක්‍රියාකිරීම යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.
    ගලාති 5:22,23
  • පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා. නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණත් බලන්න. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම නුඹලා තුළත් තිබේවා.
    පිලිප්පි 2:3-5
  • නුමුත් උන්වහන්සේ වඩා කරුණාව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය.
    යාකොබ් 4:6
  • ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පහත්වෙන්න, එවිට උන්වහන්සේ නුඹලා උසස්කරනසේක.
    යාකොබ් 4:10
  • එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක. එබැවින් දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න; උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න.
    1 පේතෘස් 5:5-7