විවේක සහ නින්ද


  • බලාපොරොත්තුව තිබෙන බැවින් ඔබ විශ්වාසයෙන් සිටින්නෙහිය; එසේය, ඔබ වටකර සෝදිසිකර බලා, සුරක්ෂිතව සැතපෙන්නෙහිය. ඔබ කිසිවෙකුගෙන් භයක් නොලැබ නිදාගන්නෙහිය; එසේය, බොහෝ දෙනෙක් ඔබෙන් කරුණාව සොයන්නෝය.
    යෝබ් 11:18,19
  • මම වැතිරී නිදාගතිමි; මම පිබිදුණෙමි; මක්නිසාද ස්වාමීන්වහන්සේ මා දරනසේක.
    ගීතාවලිය 3:5
  • මම සමාදානයෙන් වැතිරී නිදන්නෙමි. මක්නිසාද ස්වාමිනි, ඔබ මා උදක්ම සුවසේ වාසයකරවනසේක.
    ගීතාවලිය 4:8
  • රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්,
    ගීතාවලිය 91:5
  • වේලාසනින් නැගිටීමත්, බොහෝ රෑවෙනකල්ම නිවාඩු නොගැනීමත්, වෙහෙසව සපයාගත් භෝජන බුදීමත් ඔබ සැමට නිෂ්ඵලවේ. මක්නිසාද උන්වහන්සේ තමන් ප්‍රිය තැනැත්තාට එසේ නින්ද දෙනසේක.
    ගීතාවලිය 127:2
  • නුඹ සැතපෙන කල භය නොවන්නෙහිය. එසේය, නුඹ සැතපුණාම නුඹේ නින්ද මිහිරිවන්නේය.
    හිතෝපදේශ 3:24
  • වැඩකරන්නා ටිකක් කෑවත් හුඟක් කෑවත් ඔහුගේ නින්ද මිහිරිය. නුමුත් පොහොසතාගේ අධික තෘප්තිය නිසා ඔහුට නිදාගන්ට බැරිය.
    දේශනාකාරයා 5:12
  • ඔහු සමාදානයට පැමිණෙයි; තමුන්ගේ අවංකකමින් හැසිරෙන්නෝ තමුන්ගේ යහන්වල නිශ්චලව සිටින්නෝය.
    යෙසායා 57:2
  • නුඹ මාගේ ශුද්ධ දවසේදී නුඹේම කැමැත්ත නොකරන හැටියට නුඹේ පාද සබත් දවසේදී නවත්වාගන, සබත් දවස ප්‍රිය එකක්ය කියාද ස්වාමීන්වහන්සේගේ ශුද්ධ දවස ගෞරවණීය එකක්ය කියාද කියන්නෙහි නම්, නුඹේම මාර්ගවල නොහැසිර නුඹේම කැමැත්ත නොසොයා, හිස් වචන කථා නොකර, ඊට ගෞරවකරන්නෙහි නම් නුඹ ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙහිය; මමද පොළොවේ උසස්ථාන මතුයෙහි නැගීයන්ට නුඹට සලස්වා, නුඹේ පියවූ යාකොබ්ගේ උරුමයෙන් නුඹ පෝෂණයකරන්නෙමි. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මුඛය ඒක වදාළේය.
    යෙසායා 58:13, 14
  • එහෙයින් නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස කරන්න.
    1 කොරින්ති 10:31
  • එබැවින් දෙවියන්වහන්සේගේ සෙනඟට සබත් නිවාඩුවක් ඉතුරුව තිබේ. මක්නිසාද දෙවියන්වහන්සේ තමන්ගේ වැඩවලින් නිවාඩු ගත්තාක්මෙන්, උන්වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඇතුල්වූ තැනැත්තාත් තමාගේ වැඩවලින් නිවාඩු ගත්තේය.
    හෙබ්රෙනව් 4:9,10