ආරක්ෂාව


  • එබැවින් මාගේ පනත් ඉෂ්ටකොට, මාගේ විනිශ්චයයන් පවත්වා, ඒවා රක්ෂාකරන්න; එවිට ඔබ සැම දේශයෙහි සුවසේ වාසයකරනවා ඇත.
    ලෙවී කථාව 25:18
  • ඔහු බෙන්යමින් ගැන කියනුයේස්වාමීන්වහන්සේගේ ප්‍රේමවන්තයා උන්වහන්සේ වෙත සුරක්ෂිතව වසන්නේය; උන්වහන්සේ දවස මුළුල්ලේ ඔහු ආවරණ කරනසේක, ඔහු උන්වහන්සේගේ උරහිස් අතරේ වාසය කරන්නේයයි කීය.
    ද්වීතීය කථාව 33:12
  • සදාකාල දෙවියන්වහන්සේ ඔබේ වාසස්ථානයය, යටින් සදාකාල හස්තයෝ ඔබ දරා සිටින්නෝය. ඔබ ඉදිරියෙන් උන්වහන්සේ සතුරන් පන්නා දමා, ඔවුන් විසින් විනාශ කරවයි කීසේක.
    ද්වීතීය කථාව 33:27
  • එබැවින් ඔබගේ මෙහෙකරුවාගේ වංශය ඔබ ඉදිරියෙහි සදාකාලේටම පවතින පිණිස ඊට ආශීර්වාදකරන්ට ඔබ කැමතිවනසේක්වා. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබ ඒක කීසේක. ඔබගේ ආශීර්වාදයෙන් ඔබගේ මෙහෙකරුවාගේ වංශය සදාකාලේටම ආශීර්වාදකරනු ලබාවයි කීවේය.
    2 සාමුවෙල් 7:29
  • දමස්කයේ සිරියාවෙහි මුරකාර සමුදාවල් තැබුවේය. සිරියවරුද දාවිත්ට මෙහෙකරුවෝව කප්පන් ගෙනාවෝය. දාවිත් ගිය ගිය තැනදී ස්වාමීන්වහන්සේ ඔහුට ජය දුන්සේක.
    2 සාමුවෙල් 8:6
  • ඔබ ගිය හැම තැන්හිම මම ඔබ සමඟ සිට, ඔබේ සියලු සතුරන් ඔබ ඉදිරියෙන් සිඳ දැමීමි; පොළොවේ සිටින උත්තමයන්ගේ නාම මෙන් ඔබට නාමයක් උපදවන්නෙමි.
    1 ලේකම් 17:8
  • මම සමාදානයෙන් වැතිරී නිදන්නෙමි. මක්නිසාද ස්වාමිනි, ඔබ මා උදක්ම සුවසේ වාසයකරවනසේක.
    ගීතාවලිය 4:8
  • ස්වාමීන් නිතර මා ඉදිරියෙහි තබාගතිමි. උන්වහන්සේ මාගේ දකුණු පැත්තෙහි සිටින බැවින් මම නොසෙල්වන්නෙමි.
    ගීතාවලිය 16:8
  • මක්නිසාද රජතෙම ස්වාමීන් කෙරෙහි විශ්වාසකරයි, මහෝත්තමයාණන්ගේ කරුණාගුණයෙන් ඔහු නොසෙල්වී සිටින්නේය. ඔබේ අතට ඔබේ සියලු සතුරෝද ඔබේ දකුණතට ඔබට වෛරවන්නෝද අසුවන්නෝය. ඔබ කෝපවූ කල ඔවුන් ගිනි උදුනක්මෙන් කරනසේක. ස්වාමීන්වහන්සේ තමන් උදහසින් ඔවුන් නැතිකර දමනසේක, ගින්නද ඔවුන් දවා ලන්නේය.
    ගීතාවලිය 21:7-9
  • ස්වාමීන්ගේ දූතයා උන්වහන්සේට භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ, ඔවුන් මුදාහරියි.
    ගීතාවලිය 34:7
  • දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය.
    ගීතාවලිය 46:1
  • නුමුත් රජතෙමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවන්නේය. උන්වහන්සේ ගැන දිවුරන සියල්ලෝ ප්‍රීති ප්‍රකාශකරන්නෝය; මක්නිසාද බොරු කියන්නන්ගේ කට පියනු ලබන්නේය.
    ගීතාවලිය 63:11
  • මක්නිසාද ස්වාමිනි, ඔබ මාගේ රක්ෂාස්ථානයය. ඔබ මහෝත්තමයාණන් ඔබේ වාසස්ථානය කරගත්තෙහිය; ඔබට කිසි නපුරක් නොපැමිණෙන්නේය, ඔබේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය.
    ගීතාවලිය 91:9, 10
  • ස්වාමීන්වහන්සේ ගෙය නොසාදනසේක් නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති. ස්වාමීන්වහන්සේ නුවර ආරක්ෂා නොකරනසේක් නම්, රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටියි.
    ගීතාවලිය 127:1
  • එහි දාවිත්ගේ අඟ ලියලවන්නෙමි. මාගේ අභිෂේකලත් තැනැත්තාට පහනක් පිළියෙළකෙළෙමි. ඔහුගේ සතුරන් ලජ්ජාවස්ත්‍රයෙන් පළඳවන්නෙමි. නුමුත් ඔහු මත්තේ ඔහුගේ ඔටුන්න ශෝභමාන වන්නේය.
    ගීතාවලිය 132:17,18
  • රජුන්ට ගැළවීම දෙන්නෙත් ස්වකීය මෙහෙකරුවූ දාවිත් හිංසා කරන කඩුවෙන් මුදාගන්නෙත් උන්වහන්සේය.
    ගීතාවලිය 144:10
  • මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹේ විශ්වාස භූමියව, නුඹේ පය අසු නොවන ලෙස ආරක්ෂාකරනසේක.
    හිතෝපදේශ 3:26
  • ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ; එසේ භයවන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ.
    හිතෝපදේශ 14:26
  • ස්වාමීන්වහන්සේගේ නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.
    හිතෝපදේශ 18:10
  • අශ්වයා යුද්ධ දවසට සැදී සිටියි; එහෙත් ජය පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙන්ය.
    හිතෝපදේශ 21:31
  • දෙවියන්වහන්සේගේ සියලු කීම් පවිත්‍රය; උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ට උන්වහන්සේ පලිහක්ය.
    හිතෝපදේශ 30:5
  • සැබවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ රහස තමන් මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරනසේක.
    ආමොස් 3:7
  • යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට නුඹලාට පුළුවන්වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගන්න. මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.
    එපීස 6:11, 12