දීම


  • දිළින්දෝ කවදාත් දේශයෙහි ඉන්නෝමය. එබැවින් ඔබේ දේශයෙහිදී ඔබේ සහෝදරයාවූ ඔබේ දුප්පතාටත් ඔබේ දිළින්දාටත් ඔබේ අත සැබවින් විදහන්නැයි ඔබට අණකරමි.
    ද්වීතීය කථාව 15:11
  • නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේට ගෞරව කරන්න. එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, නුඹේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය.
    හිතෝපදේශ 3:9,10
  • කරුණාව පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගන්න.
    හිතෝපදේශ 3:27
  • විසුරුවන නුමුත් වස්තුව වැඩිකරගන්න කෙනෙක්ද හිඟකමට පැමිණෙන හැටියට අයුතු ලෙස වලක්වාගන්න කෙනෙක්ද ඇත. ත්‍යාගශීලී තැනැත්තේ පුෂ්ටිමත් වන්නේය; පැන් ඉසින තැනැත්තේ පැන් ඉසිනු ලබන්නේය.
    හිතෝපදේශ 11:24,25
  • දුප්පතාගේ කන්නලව්වට කන් වසාගන්නා මොරගසන කල ඔහුටත් උත්තර නොලැබේ.
    හිතෝපදේශ 21:13
  • මාගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස නුඹලා ගබඩාගෙට ඔතු සියල්ල ගෙනවුත්, මා විසින් නුඹලාට අහසේ කවුළු ඇර ඉඩම් මදිවෙන තරම් නුඹලාට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසිකර බලන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
    මලාකි 3:10
  • නුඹෙන් ණය ගන්ට කැමති තැනැත්තාට පිටු නොපාන්න.
    ශු. මතෙව් 5:42
  • එබැවින් නුඹ දන්දෙන කල්හි මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝගවලදීත් වීථිවලදීත් වංචාකාරයන් කරන්නාක්මෙන් නුඹට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. නුමුත් නුඹ දන්දෙන කල්හි, නුඹේ දානය රහස්ව තිබෙන පිණිස, නුඹේ දකුණත කරන දෙය වමත නොදනීවා. එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ නුඹට විපාක දෙනසේක.
    ශු. මතෙව් 6:2-4
  • එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි-මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.
    ශු. මතෙව් 25:40
  • දෙන්න, එවිට නුඹලාටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් නුඹලාගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත නුඹලාටත් මැනදෙනු ලැබෙන්නේයයි කීසේක.
    ශු. ලූක් 6:38
  • නුමුත් මේක කියමි: මසුරුලෙස වපුරන්නා මසුරුලෙස කපාගන්නේය; නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය. කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක. තවද නුඹලා සියලු දේවලදී නිතරම පූර්ණකම ලැබ සියලු යහපත් ක්‍රියා සඳහා පූර්ණව සිටින පිණිස නුඹලාට සියලු අනුග්‍රහය වැඩිකරදෙන්ට දෙවියන්වහන්සේට පුළුවන. ඒ හැටියට- ඔහු විසිරෙවුවේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවතින්නේයයි ලියා තිබේ. ඉතින් වපුරන්නාට බීජද කෑමට රොටිද සපයාදෙන්නාවූ තැනන්වහන්සේ නුඹලාට වැපිරීම පිණිස බීජ සපයාදී, වැඩිකොට, නුඹලාගේ ධර්මිෂ්ඨකමේ ඵල වර්ධනයකරනසේක. මෙසේ නුඹලා සියලු ත්‍යාගවන්තකමට සියලු ආකාරයෙන් පොහොසත් වන්නහුය, එය අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති උපදවන්නේය. මක්නිසාද මේ උපස්ථානකිරීමේ සේවයෙන් ශුද්ධවන්තයන්ගේ හිඟකම පිරිමැසෙනවා පමණක් නොව දෙවියන්වහන්සේට බොහෝ ස්තුතිදීම්ද උපදින්නේය.
    2 කොරින්ති 9:6-12
  • සහෝදරයෙක් නොහොත් සහෝදරියෙක් ඇඳුම් නැතුව, දවස්පතා කෑම නැතුව සිටිද්දී, නුඹලාගෙන් යමෙක්: සමාදානයෙන් යන්න, උණුහුම්වෙන්න, කෑම කා තෘප්තියට පැමිණෙන්නැයි ඔවුන්ට කියනවා මිස ශරීරයට ඕනෑ දේවල් නොදෙනවා නම්, මොන ප්‍රයෝජනයක්ද? එසේම ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය.
    යාකොබ් 2:15-17