විවේක ගැනීම,


  • උන්වහන්සේද: මම්ම ඔබ සමඟ ගොස් ඔබට නිවාඩු දෙන්නෙමියි කීසේක.
    නික්මයාම 33:14
  • ඔවුන් බැස යන කල නුවර කෙළවරදී සාමුවෙල් සාවුල්ට කථාකොට: අපට පෙරටුව යන්ට ඔබේ වැඩකාරයාට කියා, මා විසින් ඔබට දෙවියන්වහන්සේගේ වචනය දන්වන පිණිස ඔබ දැන් නවතින්නැයි කීවේය. වැඩකාරයා ඉස්සරව ගියේය.
    1 සාමුවෙල් 9:27
  • ඔහු යුදාවරුන්ට කථාකොට: අපි මේ නුවරවල් ගොඩනගා අවට පවුරුද කොටුද දොරටුද අගුල්ද සාදමු; අප විසින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සෙවූ බැවින් දේශය තවම නිරවුල්ව අප ඉදිරියෙහි තිබේ; අපි උන්වහන්සේ සෙවුවෙමුව, උන්වහන්සේද හැම අතින්ම අපට නිවාඩුව දී තිබේයයි කීවේය. මෙසේ ඔව්හු ගොඩනගමින් සඵලවූවෝය.
    2 ලේකම් 14:7
  • භයින් සිටිව්, පව් නොකරව්. යහනේදී ඔබ සැමගේ ම සිතින් විමසා නිශ්චලවව්.
    ගීතාවලිය 4:4
  • ස්වාමීන් කෙරෙහි බලාසිටුව. ශක්තිමත් වෙව, ඔබේ සිත ධෛර්යමත් වේවා; එසේය, ස්වාමීන් කෙරෙහි බලාසිටින්න.
    ගීතාවලිය 27:14
  • ස්වාමීන් 37:7 හෙවත්, ස්වාමීන් තුළ නිශ්චලව සිට. කෙරෙහි රඳා, ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුව. තමාගේ මාර්ගයෙහි දියුණුවන්නාද නපුරු ප්‍රයෝග ඉෂ්ටකරගන්නාද නිසා කල නොකිරෙව.
    ගීතාවලිය 37:7
  • මම ඉවසිල්ලෙන් ස්වාමීන් ගැන බලා සිටියෙමි; උන්වහන්සේ කන් යොමා මාගේ මොරගැසීම ඇසූසේක.
    ගීතාවලිය 40:1
  • නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස්වන්නෙමි, පොළොවෙහි උසස්වන්නෙමි.
    ගීතාවලිය 46:10
  • ඔබේ බර ස්වාමින් පිට තබව, උන්වහන්සේ ඔබ උසුලනසේක. උන්වහන්සේ කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක.
    ගීතාවලිය 55:22
  • ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරව්; උන්වහන්සේ ඉදිරියේ ඔබ සැමගේ සිත් වගුරුවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය.
    ගීතාවලිය 62:8
  • ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.
    යෙසායා 26:3
  • මක්නිසාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක්: හැරී නිශ්චලව සිටීම කරණකොටගෙන නුඹලා ගැළවෙන්නහුය; නොකැලඹී විශ්වාසකිරීමෙන් නුඹලාට බලය ලැබෙන්නේයයි කීසේක. නුමුත් නුඹලා අකමැතිවී කථාකොට:
    යෙසායා 30:15
  • ධර්මිෂ්ඨකමේ ක්‍රියාව සමාදානයද ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවයද වන්නේය.
    යෙසායා 32:17
  • නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.
    යෙසායා 40:31
  • ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකොට, ස්වාමීන්වහන්සේ තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. මක්නිසාද ඔහු ජලය ළඟ හිටවා තිබෙන්නාවූ, ගඟ ළඟ මුල් අදින්නාවූ, ග්‍රීෂ්මය පැමිණෙන විට එය නොදැනෙන්නාවූ, කොළ නොවේළෙන්නාවූ, නියං අවුරුද්දේදී නොමැලවෙන්නාවූ, ඵල දැරීමෙන් තොර නොවෙන්නාවූ ගහකට සමානවන්නේය.
    යෙරෙමියා 17:7, 8
  • මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලා මට අඬගසන්නහුය, ගොස් මට යාච්ඤාකරන්නහුය, මමද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි. නුඹලා මා සොයනවා ඇත, නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බවෙනවා ඇත.
    යෙරෙමියා 29:11-13
  • ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නන්ටත් උන්වහන්සේ සොයන ආත්මයටත් උන්වහන්සේ යහපත්ය. ස්වාමීන්වහන්සේගෙන් වන ගැළවීම නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට හොඳය.
    විලාප ගී 3:25, 26
  • වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.
    ශු. මතෙව් 11:28-30
  • එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.
    පිලිප්පි 4:7
  • ඒ කාරණය නිසා මේ දේවලුත් විදීමි. එසේවී නුමුත් මම ලජ්ජා නොවෙමි. මක්නිසාද මා විසින් අදහාගත් තැනන්වහන්සේ කවුද කියා මම දැනගෙන, මා උන්වහන්සේට භාරදී තිබෙන දේ ඒ දවස දක්වා ප්‍රවේසම්කරන්ට උන්වහන්සේ පොහොසත් බව විශ්වාසකරගන සිටිමි.
    2 තිමෝති 1:12
  • උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න.
    1 පේතෘස් 5:7