විශ්වාසය


  • උන්වහන්සේ මා මරනවා ඇත; මට බලාපොරොත්තුවක් නැත්තේය; එහෙත් උන්වහන්සේ ඉදිරිපිට මාගේ මාර්ග හරි බවට ඔප්පුදෙන්නෙමි.
    යෝබ් 13:15
  • නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න . නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.
    හිතෝපදේශ 3:5,6
  • මක්නිසාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක්: හැරී නිශ්චලව සිටීම කරණකොටගෙන නුඹලා ගැළවෙන්නහුය; නොකැලඹී විශ්වාසකිරීමෙන් නුඹලාට බලය ලැබෙන්නේයයි කීසේක. නුමුත් නුඹලා අකමැතිවී කථාකොට:
    යෙසායා 30:15
  • එසේය, ස්වාමිනියි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අතගා: නුඹලාගේ විශ්වාසයේ ප්‍රකාරයට නුඹලාට වේවයි කීසේක.
    ශු. මතෙව් 9:29
  • උන්වහන්සේ කියනසේක්: නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සැබවක් නුඹලාට කියමි අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය;
    ශු. මතෙව් 17:20
  • යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබට පුළුවන් නම්! විශ්වාසකරන්නාට සියල්ල පුළුවනැයි කීසේක.
    ශු. මාර්ක් 9:23
  • යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටින්න.
    ශු. මාර්ක් 11:22
  • මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය.
    ශු. ලූක් 1:37
  • එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු.
    රෝම 5:1
  • මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස්වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය.
    රෝම 10:17
  • නුමුත් සැකකරමින් කන තැනැත්තා, ඇදහිල්ලෙන් යුක්තව නොකන බැවින්, වරදට පත්කරනු ලැබ සිටියි; ඇදහිල්ලෙන් නොවූ සියල්ල පාපයය.
    රෝම 14:23
  • ඒ සියල්ල ඇර, ඇදහිල්ල නමැති පලිහ අරගන්න. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට නුඹලාට පුළුවන්වන්නේය.
    එපීස 6:16
  • අප අවිශ්වාසවුණත් උන්වහන්සේ විශ්වාසව සිටිනසේක. මක්නිසාද තමන්වහන්සේගේ වචනය බොරුකරන්ට උන්වහන්සේට බැරිය.
    2 තිමෝති 2:13
  • ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ. නුමුත් ඔහු පසුබටවන්නේ නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත.
    හෙබ්රෙනව් 10:38
  • ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.
    හෙබ්රෙනව් 11:1
  • නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.
    හෙබ්රෙනව් 11:6
  • උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, කුරුසිය දරාගන, පසුව දෙවියන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි වැඩහිඳගත්සේක.
    හෙබ්රෙනව් 12:2
  • නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ. නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමානකරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙලවෙන්නාවූ මුහුදේ රැළට සමානය. එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමීන්වහන්සේගෙන් යමක් ලැබේයයි නොසිතාවා. ඔහු දෙසිත් ඇති මනුෂ්‍යයෙක්ව, තමාගේ සියලු මාර්ගවලදී අස්ථිරව සිටින්නේය.
    යාකොබ් 1:5-8
  • මක්නිසාද ආත්මය නැති ශරීරය මැරී තිබෙන්නාක්මෙන්ම ක්‍රියාවලින් වෙන්වූ ඇදහිල්ලද මැරී තිබේ.
    යාකොබ් 2:26
  • ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය. එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය. නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා, නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය.
    1 පේතෘස් 1:6-9
  • මක්නිසාද දෙවියන්වහන්සේගෙන් උපන් යමක් ඇද්ද එය ලෝකයෙන් ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපේ ඇදහිල්ලය.
    1 ශු. යොහන් 5:4